Wednesday 15th of April 2026

English Tamil
Advertiesment


ජෙප්පන් මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමක් අවශ්‍ය වේවි


2026-04-06 1259

 

2025 අවුරුද්ද,මැදදී 2026 වර්ෂය සම්බන්ධව අනතුරු ඇඟවීමක් රටේ රාළ කළා.දැන් අපි ඉන්නේ 2026යේ අප්‍රියෙල් මාසේ.ඒ කියන්නේ 2026 දෙවෙනි කාර්තුවේ.පළවෙනි කාර්තුවේදී තමන්ට වාසිදායක කිසිදෙයක් කරගන්න ආණ්ඩුවට බැරිවුනා.ගිය අවුරද්ද අවසන් වෙනකොට ආණ්ඩුව ගැන තිබුණ විශ්වාසය බොහෝදුරට බිඳවැටිලා තිබුණේ.

මේ වෙනකොට අනුර සම්බන්ධව ඉතිරිවෙලා තිබුණ යම් හෝ ජනතා විශ්වාසයත් අනුර විසින්ම විනාශ කරගෙන.ගල් අඟුරු හොරා රකින්න අනුර ඉඳිරිපත් වෙයි කියලා ජවිපෙ සාමාජිකයෝවත් හිතුවේ නෑ.අනුර හොරා රකින්නේ ගල් අඟුරු හොරකම පිටිපස්සේ එයත් ඉන්න නිසා කියන එක තහවුරු වුනා.පළවෙනි කාර්තුවේදී ආණ්ඩුවට එරෙහිව සම්පුර්ණ වෙන්න තිබුණ සියලු තත්වයන් සම්පුර්ණවෙලා ඉවරයි.දිත්වා සහ මැදපෙරදිග යුද්ධය විසින් වැඩේ තවත් වේගවත් කළා.

දෙවෙනි කාර්තුව අවසන් වෙන්නේ ජූනි මාසෙන්.ජූනි අවසන් වෙනකොට රටට මොකක් වෙලා තියෙයිද?රටේ ජනතාව ඉස්සරහා තියන ලොකුම ප්‍රශ්නය ඒක.සාමාන්‍යයෙන් තුන්වෙනි කාර්තුවේ ආරම්භ වෙයි කියලා හිතපු චලනයන් දෙවෙනි කාර්තුවේදී ආරම්භවෙලා.ජනතාව තැනින් තැනින් පාරට බහින්න පටන් අරන්.ගමට ගිය ඇමතිලාට හූ තියන්න පටන් අරන්. ඇමතිලාගේ හොරකම් හෙළිවෙන්න පටන් අරන්.කන්ටේනර් 323 පැන්නවු බිමල් - අනුර හොරකම,වෙළඳ අමාත්‍යාංශයේ වසන්තගේ හොරකම් ඒ අතර තියනවා

අනුරගේ සහ කුමාර ජයකොඩිගේ ගල් අඟුරු හොරකම.දැන් ලාල් කාන්තගේ නිවාස කප්පම එලියට ඇවිත්.තව ගොඩක් දේවල් එලිවෙන්න තියනවා.විදුලි බිල ඉහල දැමීම විසින් සියලු භාණ්‌ඩ හා සේවාවල මිල ඉහල ගිහින්.රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් නෑ.බදු සීමාව පලල් කිරීම ඇතුලේ මැද පන්තියට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට කණ කොකා හඩලා.පසුගියදා විපක්ෂ කණ්ඩායමක් IMF නියෝජිතයින් එක්ක සාකච්චාවට ගිහින් තිබුණා.

එතනදී විපක්ෂය IMF එක සහ රජය දැනට අනුගමනය කරන ප්‍රතිපත්තිවලින් රටේ ජනතාවට අත්වෙලා තියන ඉරණම ගැනත්, දුෂණ වංචා ඇතුලේ ජනතාව පිට පැටවෙන අතිරේක බර ගැනත් IMF නියෝජිතයින්ට කරුණු කියලා තිබුණා.හිටපු මුදල් ඇමති රවී කරණානායක රටේ පෞරුෂයත් ආරාක්ෂා කරගනිමින් ජනතාවගේ ප්‍රශ්නය කතා කරලා තිබුණා.ඇත්තටම IMF එකත් එක්ක රවීලාගේ පන්නයේ සංවාදයක් කරන්න පුළුවන් කෙනෙක් මේ ආණ්ඩුවේ නෑ.රනිල් මූදල් ඇමති විදිහටත් ඒ dayalog එක දිගටම තියාගත්තා.

රවී දිගටම කරපු යෝජනා අතර විශේෂ යෝජනා කීපයක් තිබූණා.රටේ සහන දිය යුතු ස්ථරයට සහන දෙන වැඩපිලිවෙලක්. ආයෝජන ගෙන්වා ගැනීම,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ සහන සැලසීම,මහ බැංකුවෙන් ඉටු නොවෙන කාර්යභාරය ගැන රවී දිගටම කතා කළා.යෝජනා දුන්නා.ඒ වගේම EPF එක බැංකු පොතේ දාලා ඒකේ පොලියෙන් ජීවත්වෙන ජේෂ්ඨ පුරවැසියන්ට දෙන පොලීය වැඩි කරන්න කියන ඉල්ලීම රවී දිගටම කළා.

දේශපාලනය පැත්තකින් තියලා හිතුවොත් ඇත්තටම රවී කියන්නේ ආණ්ඩුව පැත්තෙන් හිතුවත් විපක්ෂය පැත්තෙන් හිතුවත් රටට හොඳ දේශපාලන ආයෝජනයක්.

රට මේ වගේ අර්බුදයක තියන වෙලාවක රවීලා වගේ උත්තර තියන අයගේ සහය නොගැනීම අපරාධයක්.කොහොම උනත් මේ ආණ්ඩුවට තවත් කෙටි කාලින සහනයක් තියනවා.ඒ තමයි සිංහල හින්දු අලුත් අවුරද්ද.අද අප්‍රියෙල් 06.සිංහල හින්දු අලුත් අවුරුද්දට තව තියෙන්නේ තවත් දවස් දාහයක් විතර.ඒක නිසා විශේෂයෙන්ම සිංහල සහ දෙමළ ප්‍රජාව මේ කාලය ඇතුලේ අරගලවලට යොමුවෙන්නේ නෑ.අලුත් අවුරුද්ද සිංහල සහ දෙමළ සමාජයට අතිශයින් වැදගත් සංස්කෘතික උත්සවයක්.

මේ දවස්වල කවුරුත් යොමු වෙන්නේ කීයක් හරි හොයාගෙන සිංහල අවුරුද්ද ගෙවාගන්න.අලුත් අවුරුද්දත් එක්ක රට ආයෙත් සාමාන්‍යකරණය වෙන්න අප්‍රියෙල් 20 විතර.ඊට පස්සේ නං ආණ්ඩුවට no excuse.ඇත්තටම ජනතාව ආණ්ඩුවත් එක්ක පුදුම වෛරයකින් ඉන්නේ.ආණ්ඩුවත් එක්ක වැඩිම වෛරයෙන් ඉන්නේ ආණ්ඩුව පත්කරගත්ත බයියෝ.එයාලාට විපක්ෂය ගැන මහින්ද, රනිල්,සජිත්,නාමල් ගැන වෛරය හැදුවේ ජවිපෙයයි.

ඔය හැම කෙනාම පෞද්ගලිකව හොරු කළේ ජවිපෙයයි.ජෙප්පෝ හැම කෙනාටම හොර ලේබල් ගැහුවා.රටේ රාළ නං ඔය හොර කතා තවදුරටත් විශ්වාස කරන්නේ නෑ.මොකද අද නීතිය තියෙන්නේ අනුර අතේ.අනුර නීතියත් එක්ක කරන සෙල්ලම් රටේ රාළ දන්නවා.සූරේ අනුර අතේ ඉන්න බවත් රටම දන්නවා. හොරෙක් නම් ඒක අධිකරණයක් ඉදිරියේ ඔප්පු කරන්න ඕනි. එහෙම නැතිව ජෙප්පෝ කිව්ව පලියට පිලිගන්න බෑ.

ඊළඟට දේශපාලනඥයන් මැන ගනිද්දී ඔයාලටත් පෞද්ගලික මතයක් තියෙන්න ඕනි.ප්‍රති විරුද්ධවාදීන් කියන කතා අනුව විශේෂයෙන්ම දේපාලනඥයා මනින එක වැරදියි.පහුගිය දවසක රටේ රාළට අපේ රටේ විපක්ෂයේ දේශපාලන නායකයෙක් එක්ක සමීපව කතා කරන්න අවස්ථාවක් ලැබුනා.ඇත්තටම එයාලා සම්බන්ධව එලියේ හදලා තියන චිත්‍රය සහ එයාලගේ පෞද්ගලික ජීවිත අතර ලොකු වෙනසක් තියනවා.

එකයි රටේ රාළ කියන්නේ ජෙප්පන්ගේ සහතිකවලින් මිනිස්සු මනින්න එපා.ජෙප්පො කරලා තියෙන්නේ සැලසුම් සහගතව

තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කිරීමයි.හොරු කියලා මඩ ගහපු එකයි.ජෙප්පෝ තරම් හොර තක්කඩ් තවත් නෑ.ඒකයි රටේ රාළ කියන්නේ අනුන්ගේ,විශේෂයෙන් ජෙප්පන්ගේ සහතිකවලින් මිනිස්සු මනින්න ඉස්සෙල්ලා තමන්ගේ විවෘත මිනුම් දණ්ඩක් තියාගන්න කියලා.කොහොම උනත් ඉතා කෙටි කාලයකදී අපේ රටේ වෛරය මුසු අරගලයන් එනවා.

කිසිම ජෙප්පෙකුට පාරට බහින්න බැරි දවසක් තව පෝය කීපයක් ඇතුලත එනවා.ජනතාව අතට අහුවෙන දේ අරගෙන සටනට එනවා.ඇත්තටම ජෙප්පන්ට ගැහුවා කියලා විමුක්තියක් කාටවත් හම්බවෙන්නේ නෑ.ඒ උනාට මේ සමාජය ඉන්නේ ජෙප්පෝ එක්ක පට්ට වෛරයකින්.ජෙප්පෝ විනාශ කරපු රට බේරගන්න වැඩපිලිවෙලක් ඕනි වගේම ජෙප්පෝ බේරගැනීමේ වැඩපිලිවෙලකුත් හදන්න වෙනවා.ජවිපෙ හතූරන්ට සමාව දෙන්නේ නෑ කිව්ව ටිල්වින්ලා මුදාගැනීමේ මෙහෙයුම අපිටම හදන්න වෙනවා.

ජෙප්පන්ට නීතියෙන් දඬුවම් දෙන්න ඕනි.ඒකට ජෙප්පන්ට ටික බේරගත්න ඕනි.අනිවාර්යෙන්ම අපි ඒක කරන්න ඕනි.එහෙම වැඩක් හදන්න ලේසි වෙන්නේ විපක්ෂය එක බලවේගයක් විදිහට සටනට එනවා නං තමයි.හැබයි මෙතන වෙන්නේ විපක්ෂය කණ්ඩායම් කීපයක් විදිහට සටනට බැසිමයි.රටේ රාළ කියන්නේ ඒ වගේ වෙලාවක මේ සමස්ථ ජනතාව කලමණාකරණය කරන්න පුළුවන් ශක්තිමත් ව්‍යාපාරයක් මේ පොලොවේ තියෙන්න ඕනි.

ඒකට මූලිකත්වය ගන්න හොඳම ස්ථරය අපේ රටේ ආගමික සංස්ථාව.විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා.හැබැයි මේ කියන්නේ වොයිෂ් කට් සාදුලා ගැන නං නෙවෙයි.

 

- රටේ රාළ -
Advertiesment